ලොව ප්‍රථම 200GB microSD කාඩ් එක වෙළඳපොලට




පසුගිය මාර්තු මාසයේදී පැවති Mobile World Congress හීදී SanDisk සමාගම ලොව ප්‍රථම 200GB microSDXC UHS-I කාඩ් එක හදුන්වා දුන්නා. පසුගියදා පටන් එය ඩොලර් 240(රුපියල් 32,000)ක උපරිම සිල්ලර මිලකට යටත්ව පාරිභෝගිකයන්ට මිලදී ගැනීමට හැකියාව තිබෙනවා. 
මෙය දැනට වෙළද පොලේ ඇති වැඩිම ධාරිතාවයකින් යුතු micro
SD කාඩ් එකද වනවා. SanDisk සමාගම මුලින් මෙහි මිල අනුමාන කර තිබුනේ ඇමරිකානු ඩොලර් 400 කටයි. Amazon වෙබ් අඩවියට අනුව මෙහි දත්ත හුවමාරු වේගය තත්පරයට මෙගා බයිට් 90 ක් පමණ වෙනවා. එය ඔවුන්ගේ 128GB උපාංගයේ වේගයට වඩා දෙගුණයක වැඩි වීමක්. SanDisk සමාගම පවසන පරිදි මිනිත්තුවකදී ඡායාරූප 1200 ක් මෙය හරහා හුවමාරු කර ගත හැක. මෙය Class 10 වර්ගයට අයත් නිසා වීඩියෝ රෙකෝඩ් කිරීම සහ නැවත play කිරීමට හැකියාව තිබෙනවා. ඒ නිසා ඡායාරූප ශිල්පීන්ට නම් මෙය ඉතාමත් වැදගත් වෙනු ඇත.





නවතම ජංගම දුරකථන සියල්ලම පාහේ අනර්ග මට්ටමේ කැමරාවන් සමගින් වෙළඳ පොලට නිකුත් වෙනවා. ඒ නිසා microSD කාඩ් සඳහා ඇති ඉල්ලුම වැඩි වෙනවා. වාර්තා වන අන්දමට පාරිභෝගිකයන් ලබා ගන්නා ඡායාරූප 10න් 7ක්ම ලබා ගන්නේ ජංගම දුරකථන හෝ ටැබ්ලට් පරිගණක යොදා ගෙනයි. මෙය 2019 වනවිට 10න් 9ක් පමණ වනු ඇතැයි විශ්වාස කරනවා.

මෙම microSD කාඩ් එක waterproof, temperature-proof, shock-proof, X-ray-proof සහ magnet-proof වෙනවා. මේ අතර SanDisk සමාගමේ 128GB ධාරිතාව ඇති microSD කාඩ් එක ඩොලර් 79 කට මිලදී ගත හැක. මේ SDXC සම්මතය 2TB දක්වා ධාරිතාවයකට සහයෝගය දක්වනවා. එබැවින් ඉදිරි වසර කිහිපය තුලදී එවැනි ධාරිතාවලින් යුතු microSD කාඩ්ද වෙළඳ පොළට පැමිණේවි.
Previous
Next Post »

1 comments:

Click here for comments
gageyamin
admin
March 4, 2022 at 9:40 AM ×

Hard Rock Hotel Casino And Spa in Biloxi, MS - Mapyro
Get directions, reviews and information for Hard Rock Hotel Casino And Spa in 태백 출장안마 Biloxi, MS. casino with live blackjack tables. 강릉 출장샵 · Hard 평택 출장마사지 Rock Hotel 군포 출장샵 & Casino in Biloxi 사천 출장안마

Congrats bro gageyamin you got PERTAMAX...! hehehehe...
Reply
avatar
Thanks for your comment